ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත් කිරිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කරයි.

දැනට චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඇති ගිවිසුමෙන් මුදාහැරිම පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තිරණයට එළඹ ඇත්තේ චන්දික හතුරුසිංහ මහතා සමඟ වු සකාච්ඡාවකින් පසුවය.

වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරායා – “ හතුරුසිංහ සම්බන්ධයෙන් අපට කිසිදු සැකයක් නැහැ . ඔහු අපට අංශ දෙකකින් වැදගත් වනවා. ඒ දිර්ඝ කාලීනව සහ කෙටි කාලීනව වශයෙන් අපගේ අරමුණ වෙත පැමිණිම සඳහායි“

ඒ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පුද්ගලිකව මෙම ඉල්ලීම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට කළ බවයි.

තවදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති – “විධායක කමිටුවට ඒත්තු ගැන්වි තිබෙනවා ඔහු රැකියාව සඳහා සුදුස්සා මෙන්ම විශ්වාස වන්ත පුද්ගලයා බව. අපි සුදානම් ඔහුව වෘත්තීය හා විනිවිද පෙනෙන ආකාරයකින් විදේශයේ සිට ගෙන්වා ගැනිමට. යැයිද සභාපති තිලංග සුමතිපාල මහතා විසින් අවධාරණය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *