රත්නපුරට බදුල්ලට රතු නිවේදන – පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයන් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශයන් විශේෂයෙන් බෙරලුවගේ අයින, බුළුතොට, රන්හොටිකන්ද, ඉත්තෑක්නද, උලින්දුව සහ බුත්කන්ද යන ග්‍රාම නිලධාරී වසම් හා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ වෙත මෙලෙස රතු නිවේද නිකුත් කොට ඇත.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200ක් පමණ බස්නාහිර දෙසින් පවතින බවය. එසේම එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුදු දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින්විට හමන තද සුළං (පැ.කි.මි 60 – 70ත් පමණ) බලාපොරොත්තුවන බව ද දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්‍ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *