(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ විශාලතම නත්තල් ගස විදුලි බුබුළුවලින් සැරසීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මධ්‍යම ඉතාලියේ ගුබියෝ නගරයේ මෙය පිහිටා ඇත. අඩි 2,460ක් උස මෙම නත්තල් ගසේ වට ප්‍රමාණය අඩි 1485ක් වේ.
මෙම වසරේ විශාලතම නත්තල් ගස ලෙස මෙය ගිනස් වාර්තා අතරට එක්ව ඇත.
ලොව පුරා සිටින විද්‍යා හා තාක්ෂණ පර්යේෂණවල නිරත වන්නන් වෙනුවෙන් මෙම නත්තල් ගස පිළිගැන්වීමට නියමිතය.
එයට ස්තූති කිරීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ඉතාලි ජාතික ගඟනගාමියෙකු වීඩියෝ පණිවුඩයක් ද නිකුත් කර තිබේ. ඔවුන් ඉදිරි දින කිහිපයේ දී යළි පෘථිවියට පැමිණීමට නියමිතය.