5 ශිෂ්‍යත්වය පාසල් කඩඉම් ලකුණු නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් සඳහා කොළඹ රාජකීය විද්‍යාලය කඩඉම් ලකුණු 187, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලකුණු 186 ක් හා කොළම ආනන්ද විද්‍යාලය ලකුණු 184 ක් ලෙස ද දක්වා තිබේ.

සිංහල මාධ්‍ය බාලිකා පාසල් සඳහා කොළඹ විශාණා විද්‍යාලය ලකුණු 189 ක්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය ලකුණු 186ක්, කොළඹ දේවි බාලිකා විද්‍යාලය ලකුණු 185 ක් හා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 185 ක් ලෙස දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *