(කොළඹ, ලංකාපුවත්) –ජාතික යොවුන් සේනාංකයේ 01වන ජාතික මහා ක්‍රීඩා උළෙල පසුගිය 22වනදා දිවුලපිටිය ජාතික යොවුන් සේනාංක ක්‍රීඩාංගනයේ දී අතිසාර්ථකව අවසන් විය. මෙම ක්‍රීඩා උළෙල ඉකුත් 19වනදා ආරම්භ වී දින 04ක් පුරා පැවැත්වුණි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංකය සතුව යොවුන් මධ්‍යස්ථාන 51ක් දිවයින පුරා පිහිටුවා තිබේ. දස සහසකට අධික යෞවන යෞවනියන් සංඛ්‍යාවක් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එහි ඉගෙනුම ලබති.
මෙම තරුණ තරුණියන් අතරින් ක්‍රීඩා ඉසව් 06ක් සදහා මධ්‍යස්ථාන හා පළාත් මට්ටමින් පවත්වන ලද තරඟ ඉසව් හි ජයග්‍රාහකයින්ගේ සහභාගීත්වයෙන් මෙම ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්විණි.
ප්‍රධාන ක්‍රීඩ ඉසව් වන ක්‍රිකට්, නෙට්බෝල්, වොලිබෝල්, කබඩි, පාපන්දු හා එල්ලේ යන තරගවල අවසන් තරග මෙම දිනවල පැවැති අතර ඉන් ලබා ගන්නා ජයග්‍රහණ හා කුසලාන මත විවිධ ක්‍රීඩා ඉසව්වලට අදාළව ජාතික මට්ටමේ ජයග්රාකයින් නම් කරනු ලැබීය.
සමාප්ති උත්සවය සදහා ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඉදුනිල් සිල්වා, ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්යක්ෂ මහානාම විජේසිංහ, සහකාර අධ්යක්ෂවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.