යාපනයේ භූත උවදුර පිළිබදව පරික්ෂණ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –යාපනය නගරාසන්නයේ ඇතිවී තිබෙන භූත බිය සම්බන්ධයෙන් පොලීසිය හා බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යාපනයේ සුළු වෙළෙන්දන් කියා සිටින්නේ එකම පවුල් දාමයකට අයත් පිරිස වෙළදාම් කල වෙළෙද සැල් පිහිටි ප්‍රදේශයේ කිසිම වෙළෙද සැලකින් කිසිදු ලාබයක් ලබා ගැනීමට නොහැකි අන්දමට සුළු ව්‍යාපාර කටයුතු පාඩු වන බවයි.

මෙම වෙළෙද සැල් පිහිටි ප්‍රදේශයේ ජනතාව දිනපතාම කිසියම් හේතුවක් නිසා බියට පත්වන බවද යාපනයේ වැසියන් සදහන් කරනු ලැබේ.

මෙම වෙළෙද සැල්වල වෙළදාම් කරමින් සිටි එකම පවුල් දාමයක (සහෝදර සහෝදරියන්ගේ) සාමාජිකයින් නව දෙනෙකු මෙතක් හදුනා ගැනීමට නොහැකිවූ උණ රෝගයකින් මාස හතරක් වැනි කෙටි කාලයකදී මිය යාමත් ඔවුන්ගේ නිවෙස් වලට දිනපතාම භූතයින් පැමිණ යම් යම් අද්භූත දේ සිදු කරන බවටත් ආරංචි පැතිර යාමෙන් පසුව යාපනය පුරා මෙම භූත උවදුර පැතිර ගොස් තිබේ.

එම වෙළෙද සැල් වලින් ආරම්භ වූ යාපනයේ භූත කතාව දැන් යාපනයේ සෙසු ප්‍රදේශ කරාද ව්‍යාප්ත වී ඇති අතර මේ තත්ත්වය මත යාපනයේ වැසියෝ දැඩි ලෙස භීතියට පත්ව සිටි.

යාපනයේ නගරාසන්නයේ විවිධ ප්‍රදේශවලින් යම් යම් අද්භූත සිද්ධීන් දුටු පුද්ගලයින් බියට පත්ව සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එම සිද්ධීන් භූතයින්ට ඇති බිය නිසා වසන් කරමින් සිටින බවද වාර්තාවේ.

මීට වසර 12 කට පමණ පෙර යාපනයේ තැනින් තැන ග්‍රීස් යකුන් සිටීම නිසා ඔවුන් බියටපත් වූ බව පවසන යාපනයේ වැසියන් වර්තමානයේ උදා වී ඇති භූත උවදුර සම්බන්ධයෙන් ජනතාව නිවැරදිව දැනුවත් කිරීමක් අවශ්‍යව ඇතැයිද කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *