(කොළඹ, ලංකාපුවත්) – විශේෂ රැස්වීමක් සඳහා අනිද්දා (10) පාර්ලිමේන්තුව කැඳවා තිබේ.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව අනිද්දා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව කැඳවන බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සඳහන් කළේය.