ඡන්දය කල්දැමීමට සූදානමක් නැහැ – මහින්ද දේශප්‍රිය

(කොළඹ, ලංකාපුවත්) – වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් ක‍ළේය.

මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර කොමිසන් වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වුවහොත් එය මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා කියා සිටි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ජනාධිපති නිතිඥ හිටපු නිති සම්පාදක නිලන් අබේසේකර මහතා සහ තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතාව ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන බව කී සභාපතිවරයා ලබන පළමු වනදා සහ දෙවන දා දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට තින්දු කර ගෙන ඇති බවද කියා සිටියේය.

බැදුම්කර විවාදය හෝ මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ විවාදය හෝ පැවැත්වීම කොමිසමට ආදළ නැති බවත් එහෙත් පෙබරාවාරි 08 සහ 09 වන දා නිහඩ කාලසීමාවකට එම විවාදය වැටීම බාධාවක් වී ඇති බව ද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

රාජගිරියේ මැතිවරණ මහ ලේකම්කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා ඒ බව කියා සිටියේය.

එහිදි අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද පැවැසීය. මේ ඡන්ද විමසීම දිනක් හෝ කල්දැමීමට කොමිසම කැමැති නැහැ.ඡන්ද විමසීම කල් දාන්න කියා කිසිවකුත් මගෙන් ඉල්ලීමක් සිදු කර නැහැ. නිහඩ කාලයේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුවහොත් එම විවාදය මාධ්‍යයෙන් පළ කරන්න එපා කියා මාධ්‍යයට නිති දාන්නත් කොමිසමට බැහැ. මැතිවරණයක නිහඩ කාලයක් ලබා දී තිබෙන්නේ මහජනතාවට නිහඩව තීන්දු තීරණ ගන්නටයි. මගෙන් ඊයේ ‍පෙරවරුවේ සිට බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කරනවා. පාර්ලිමේන්තුවට නියෝග දෙන්න කොමිසමට බලයක් නැහැ. කොමිසන් සභාවේ සාමාජිකයන් තිදෙනා එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.

මහාචාර්ය හූල් මහතා මේ දිනවල විදසේ ගත වී සිටින නිසා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගැනිමට අපි බලාපො‍රොත්තු වෙනවා. කිසිම කොම්ෂන් සභාවක් මෙවැනි ගැටලුවකට මුහුණ දීලා නැහැ. 08 වන දා බැදුම්කර විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම පිළිතුරු දිය යුතු නැහැ. එහෙත් කොමිසම කැමතියි මෙය 08 වන දාට ප්‍රථම සාකච්ඡා කරනවානම්.

ස්වභාවික ආපදාවකදී හැර මැතිවරණය කල් දැමීමට බැහැ. ස්වභාවික ආපදාවක් ඇති නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ කල් දමන්නේ නම් සති තුනකට එහා කාලයකට මැතිවරණය කල් දැමිය යුතුයි. එසේ කල් දැමුවහොත් මැතිවරණ අපේක්ෂකයන් ඔවුන්ගේ ආධාකරුවන් විශාල අසීරුතා වලට පත් වෙනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ කාලයක් බලා සිටියා. මේක හරියට මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ අවස්ථාවක් .

2013 මාර්තු මාසයේ සිට වසර පහක් මැතිවරණය පැවැත්වීමට ප්‍රමාද වුණා. මඩකලපුවේ පළාත් පාලන මැතිවරණය පවත්වා තිබෙන්නේ 2013 මාර්තු මාසයේදීයි .ඉන් පසුව පළාත් පාලන මැතිවරණ පවත්වා නැහැ. පුදුකුඩුඉරුප්පු මෙරිටයිම්පත්තු වල මැතිවරණය පවත්වා තිබෙන්නේ 1969,1970 දීයි. ස්වාධීන කණ්ඩායම් වල ලැයිස්තු වලින් මැතිවරණයට ඉදිරිපත් වන අය වෙනුවට වෙනත් අය පත් කරනවාද යන්න විමසන ප්‍රශ්න වලට මා මැතිවරණ කොම්සමේ සභාපතිවරයා ලෙස පිළිතුරු දුන්නොත් එක් පාර්ශ්වයකට අගතියක් වේවි. තවත් පාර්ශ්වයකට ප්‍රවර්ධනයක් සිදු වේවි. ඒ නිසා‍ හොඳම දේ මැතිවරණ පනත පරිශීලනය කරන්න කියන එකයි.

මේ අවස්ථාවට මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ජනාධිපති නිතිඥ හිටපු නිති සම්පාදක නිලන් අබේසේකර මහතා සහ මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය සභාපති එම් එම් මොහොමඩ් මහතා ද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *