අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය නොවන තෝරා ගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

බලපත්‍රලාභි වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි දීමේ කොන්දේසි යටතේ, තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා මේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව බලපත්‍රලාභි වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) දීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් කෙරෙන උත්සාහයන්ට සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ මහ බැංකුව පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *