(කොළඹ, ලංකාපුවත්) – තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබේ.
මෙම භූ චලනය රික්ටර් මාපකයේ ඒකක 6.4ක් ලෙස සටහන්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම භූ චලනයත් සමග තායිවාන නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇතැයි සදහන්.
මෙහිදි සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 210ක් පමණ තුවාල ලබා ඇත.
අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහල යා හැකි බවද තායිවාන බලධාරින් පවසා සිටී.