(කොළඹ, ලංකාපුවත්) –ආගමික සහජීවනය සමග අපි ඉතා යහපත් සමාජයක් ගොඩනගාගෙන ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් බවට මේ මාතෘ භූමිය ගොඩනගමු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.
018 පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවති සාර්ථක ජනරැළි මාලාවේ අවසන් විජයග්‍රාහී ජන රැළිය ඊයේ(07) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් කදුරුවෙල නගරයේ දී පැවැත්විණි.
එහිදි ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර එම්. පී ජයසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, වීරකුමාර දිසානායක, අනුරුද්ධ පොල්ගම්පොල, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.
පොළොන්නරුවේ පැවති අවසන් ජන හමුවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව 2018-02-07
මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. පොළොන්නරුවෙන් පිටත කිසිම පළාතකින් එක්කෙනෙක්වත් මේ රැළියට ගේන්නේ නැතිව මේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් පමණක් මේ මහා ජන ගඟ පිරිලා තියෙනවා.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ දේශපාලනය ගැන වගේම රටේ දේශපාලනය ගැනත් ඔබට අවබෝධයක් හා අත්දැකීම් තිබෙනවා. අපි අද එක්වන්නේ 10 වෙනිදා මැතිවරණයෙන් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කිරීමටයි.
එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය විදියට ඉදිරිපත් කරන්නේ ”ගම හදමු” කියලා. මේ මැතිවරණය ආණ්ඩු විරෝධී මැතිවරණයක් කර ගන්න කියලා මා හිතවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් පක්ෂය රටේ ජනතාවට කියනවා මේ මැතිවරණය මේ රට දියුණු කරන්න, සදාචාර සම්පන්න සුචරිත දේශපාලන පරපුරක් හදාගන්න, රටත් නගරයත් ගමත් දියුණු කරගෙන රටට හොඳ අනාගතයක් සඳහා අත ලකුණටත් බුලත් කොළයටත් ඡුන්දය දෙන්න කියලා. රටේ ඇතැම් දිස්ත්‍රික්ක අත ලකුණෙනුත් ඇතැම් දිස්ත්‍රික්ක බුලත් කොළයෙනුත් තරග කරනවා. කන්ද උඩරට වතුකරය අපි තොණ්ඩමන් මැතිතුමා සමග සන්ධානගතවී කුකුළා ලකුණෙන් තරග කරනවා. නැගෙනහිර අතාවුල්ලා ඇමතිතුමා එක්ක සන්ධානගතවී අපි තරග කරනවා අශ්වයා ලකුණෙන්. මම පසුගිය දිනවල යාපනයට ගියා. ගිහින් හින්දු ජනතාව මුණගැසුණා. ඔබ මාධ්‍ය තුළ දකින්නට ඇති ඒ ජනතාව මා කෙරෙහි මොනතරම් හිතවත්කමක් දැක්වුවාද කියලා. ඒ වගේම මම නැගෙනහිර පළාතට ගියා. එහි මුස්ලිම් ජනතාව කොතරම් මා පැමිණි රැළියට ඒකරාශී වී සිටියාද කියලාත් ඔබ මාධ්‍යයෙන් දකින්නට ඇති. හම්බන්තොට ගිය අවස්ථාවේදීත් ගාල්ලේ රැළියේදීත් මොනතරම් ජන ගඟක් ඒ රැළි සඳහා පැමිණ සිටියාද. ඒවා මොනතරම් සාර්ථක වුණාද.
අද රටේ පළාත් 09 ත් දිස්ත්‍රික්ක 25 ත් අද එකම හඬකින්, එකම ධජයක් යටතේ ඒකාරාශී වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක බලයට පත්වෙලා අලූත් දේශපාලන ගමනක් යමු. පොළොන්නරුවේ ජනතවාට පේනවා මේ වසර තුන තුළ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මොනතරම් සංවර්ධනයක් වෙලාද කියලා. මේ වෙනස ඔබට ඇහැට පේනවා. ඇඟට දැනෙනවා. මේ රටේ සංවර්ධනය සෑම දිස්ත්‍රික්කයකම පුළුල් ලෙස ක්‍රියාත්මක වෙනවා. අපට ඕනෑ හොඳ රටක් දේශපාලන හොඳ පිරිසක් එක්ක මේ රට ඉදිරියට ගෙන යන්න. පොළොන්නරුවට ආ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොළොන්නරුවේ සංවර්ධනය ගැන විවේචන කර තිබුණා. මම ඒ පිළිබඳව කණගාටු වෙනවා. එතුමාට වගේම අපව විවේචනය කරන සියලූ දෙනාට මම ආරාධනා කරනවා විවේචනය පැත්තකින් තියලා ගමක් නගරයක් ගානේ එන්න අපි කරන සංවර්ධනය බලන්න කියලා. මේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නේ ඒ වෙනසත් එක්ක පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න බව මගේ විශ්වාසයයි.
හොඳ රටක් හදන්න අපිට අභියෝගයක් තිබෙනවා. මම 2014 අපේම ආණ්ඩුවෙන් එළිියට ආවේ එතන දූෂණය, වංචාව නාස්තිය, පවුල්වාදය, ඒකාධිපතීත්වය නිසයි. මම ආවේ එතන හොඳ නැති නිසා හොඳට රට කරන්න. මෙතනට ආවහම මෙතන වෙන දේවල් බැලූවහම මට පුදුම හිතුනා. ඒ පුදුුමයත්
එක්ක මම තීරණය කරා එතන ද මෙතන ද නෙවෙයි කොතන වුණත් දූෂිතයින් එක්ක මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැයි කියලා. එය මම පැහැදිලිව කියනවා.
ඔබ දන්නවා වසර 50 ක් මගේ දේශපාලන ජීවිතයෙත් එක්ක මම මන්ත්රීකම්, නියෝජ්‍ය ඇමතිකම්, ඇමතිකම් කරන කාලේවත් මම දූෂණයට, වංචාවට ඉඩ තිබ්බේ නැහැ. මම කිසිවිටෙක අල්ලසට ඉඩ දුන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් රටේ පැහැදිලි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනෑ. මේ රට හදන්න අද තිබෙන අභියෝග මොනවාද. මේ රට හදන්න බැරි බරපතළම අභියෝගය දූෂිත දේශපාලනඥයින්. මම පත්කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තා දැන් ඇවිත් තියෙනවා. අපේ ගුවන් සේවාව ගැන හොයන්න මම කොමිෂන් සභාවක් පත් කළා ගිය සතියේ. ඒ පිළිබඳ පරීක්ෂණ හෙට අනිද්දා පටන්ගනීවි.
ශ්‍රී ලංකා ද යූඑන්පී ද මොන පක්ෂෙ ද නෑයොද යාළුවෝ ද ඒ කිසි කෙනෙක්ට මම දූෂණයට වංචාවට ඉඩ තියන්නේ නැහැ. දෙන්න තියෙන සියලූ දඬුවම් දෙන්න පසුබට වෙන්නෙත් නැහැයි කියලා මම පැහැදිලිව කියන්නට ඕනෑ.
අපි හොඳ රටක් හදන්න හොඳ ගමනක් යමු. ඒ සඳහා සියලූ දෙනා එකතු වෙමු. මේ මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ පිළිබඳව සැකයක් තබාගන්න එපා. කිසිකෙනෙකුගෙන් මට පළිගන්න ඕනෑ නැහැ. මම කිසි කෙනෙකුට සතුරුකම් කරන්නේ නැහැ. මම කිසි කෙනෙකුට වෛර කරන්නේ නැහැ. නමුත් මම වැරදි කරන ඕනෑම කෙනෙකුට විරුද්ධයි. වැරදි කරන කිසි කෙනෙක් මම රකින්න ලෑස්ති නැහැ. ඔබ දන්නවා මගේ දේශපාලන ජීවිතය සකස් වී තිබෙන්නේ ඒ අනුවයි. රටේ ජනතාවට මා කෙරෙහි විශ්වාසයක් තිබුණු නිසයි ජනාධිපතිවරණ ඡන්දයෙත් විශාල ඡන්ද ප්‍රමාණයක් දීලා මාව දිනෙව්වේ. මට පෙර ජනාධිපතිවරු 5 දෙනාම ජනාධිපති වෙන්න කලින් අගමැති වෙලා හිටියා. නැත්නම් විපක්ෂනායක වෙලා හිටියා. ඔබ දන්නවා මම අගමැති වුණෙත් නැහැ, විපක්ෂ නායක වුණෙත් නැහැ. ඇමතිකමින් ඉවත්වී දවස් 42 ක් ඇතුළත් ජනාධිපති වූ එකම පුද්ගලයා මමයි. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඒ සියලූ දෙනා මා කෙරෙහි විශ්වාසය තිබ්බේ මම ඇමතිකම් කරන කාලේ දූෂණයට, වංචාවට, විරුද්ධව කටයුතු කළ නිසයි.
සිගරට් සමාගම්වලට මම යටවුණේ නැහැ. බහුජාතික ඖෂධ සමාගම්වලට, දූෂිත ජාවාරම්කාර ඖෂධ සමාගම් වලට මම එදා ඔලූව පහත් කළේ නැහැ. මම ඒ අයත් එක්ක සටන් කලා. මම ජනාධිපති වෙලා ඖෂධ පනත සම්මත කෙරුවා. ඇමති කාලේ කරන්න බැරිවූ දේ මම ජනාධිපති වෙලා කළා. ඔබ දන්නවා ඒ ඖෂධ පනතත් එක්ක සමහර ඖෂධ සියයට තිහක් හතළිහක්, සමහර ඖෂධ සියයට සියයක් මිල පහත දාන්න අපිට පුළුවන්කම ලැබුණා.
ඔබ දන්නවා මම පරිසරයට ආදරය කරන කෙනෙක්. ඔබ දන්නවා මම මත්ද්‍රව්‍යවලට විරුද්ධ කෙනෙක්. ඔබ දන්නවා මම කෘෂිකර්මයට ආදරය කරන කෙනෙක්. ඔබ දන්නවා මම මේ රටේ දරුවන්ට ආදරය කරන කෙනෙක්. මම ජනාධිපති ධූරයට පත්වෙලා රට වශයෙන් ක්‍රියාත්මක කරන්න අලූත් ජාතික ව්‍යාපෘති රාශියක් හදලා ක්‍රියාත්මක කරනවා.
දරුවන් රකිමු කියලා ජාතික වැඩසටහනක් මම කි‍්‍රයාත්මක කළා. මත්ද්‍රව්‍ය මර්දනය කරමු වැඩසටහන මම පටන් ගත්තා. පරිසරය සුරකිමු වැඩසටහන මම පටන් ගත්තා. පොළොන්නරුව, අනුරාධපුරය වෙලී තිබෙන රටටම ප්‍රශ්නයක් වෙලා තිබෙන වකුගඩු රෝගීන් පිළිබඳව මම ජාතික වැඩසටහනක් පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මගේ ඉල්ලීමට චීනයේ ජනාධිපතිතුමා රුපියල් කෝටි 1500 පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල් හදන්න පරිත්‍යාගයක් කෙරුවේ කියලා ඔබ සියලූ දෙනා දන්නවා.
මම ඉන්දීය අගමැතිතුමාට කිව්වා පොළොන්නරුවේ දරුවන්ට සිංහල, දෙමළ, ඉංගී්රසි, භාෂා තුනම එක වහලක් යට ඉගෙන ගන්න ත්‍රෛභාෂා පාසලක් හදලා දෙන්න කියලා. ඔබ දකිනවා අද මෙතනින් එහා පැත්තට ගිය විට පාර අයිනේ ත්‍රෛභාෂා පාසලක් ඉන්දීය රජයේ මුදලින් වැඩ පටන් අරගෙන තිබෙනවා. ඔබ දන්නවා මේ රැස්වීම තිබෙන භූමිය රුපියල් කෝටි 750 වියදමෙන් පොළොන්නරුවට පමණක් නොවෙයි උතුරු මැද, නැගෙනහිර ඒ සියලූ පළාත්වල ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් විදියට මේ මහපොළොව පුරවලා විශාල ඉතා අලංකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි වෙනවා මේ වන විට වැඩ ආරම්භ කරලා තියෙනවා.
ඒ විදියට අපිට කියන්න පුළුවන් මුළු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය ගැනම වගේම රට වශයෙන්ම කියන්න පුළුවන්. 2015 ජනාධිපති වෙලා පොළොන්නරුවට මම කළ පළවෙනි දේ තමයි සංවර්ධනය ගැන සමහරු සුරංගනා කතා කිව්වට සියලූ දේ ඉෂ්ට වෙලා තිබුණයි කියලා මම ජනාධිපති වෙන්න කලින් පොළොන්නරුවේ දරුවන්ට ඉදගන්න ඩෙස් පුටු නැති නිසා 2015 මම රුපියල් කෝටි 09 ක ඩෙස් පුටු විතරක් අරන් දීලා තියෙන බව ඔබ දන්නවා. මට මහා ලැයිස්තුවක් කියන්න පුළුවන්. අපි අද එකතු වෙලා ඉන්නේ මේ සියල්ලත් එක්ක මේ රට සංවර්ධනය කරන්න. අපි හොඳ රටක් හදමු. හොඳ ගමක් හදමු. අපි හොඳ නගරයක් හදමු. අපි හොඳ සදාචාර සම්පන්න දේශපාලන ව්‍යාපාරයක් පටන් ගමු. අපි පෙබරවාරි 10 වෙනිදා ඡන්ද පොලට ගිහිල්ලා අත ලකුණ ජයග්‍රහණය කරමු.
මම ඔබේ වගකීම භාරගන්නවා. මම රටේ ජනතාවගේ වගකීම භාර ගන්නවා. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගන්නවා. මම කාටවත් රට කඩන්න, රට බෙදන්න දෙන්නේ නැහැ. කවුරු හරි ආවොත් මම ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. මම මේ රට ආරක්ෂා කරනවා. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඔය දේශපාලන සටන් පාඨ, විවේචන ඒ සියලූ දේ විසි කරන්න. මගේ උතුම් මාතෘ භූමිය මගේ ජීවිතයටත්, පණටත් වඩා මම රකිනවා. ආරක්ෂා කරනවා.
රට විකුණනවා කියලා සමහර අය කියනවා. මේ රට විකුණන්න මම කාටවත් ඉඩ තියන්නේ නැහැ. ඒ ගැන මම බොහොම පැහැදිලිව කියන්න ඕන. මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා කොළඹ වරාය නගරය අක්කර 240 ක් චීනයට සින්නක්කර දීලා ඒ කොටස විකුණලා දැම්මා. හමුදා මූලස්ථානය කුඩු පට්ටම් කරලා එතන අක්කර 06 ක් කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයට සින්නක්කරව දුන්නා. විකුණලා දැම්මා. අපේ රටේ පෙර රජ දවස ඉදලා කිසි නායකයෙක් කිසි ආණ්ඩුවක් ලෝකයේ කිසි රටකට අපේ රටේ බිම් අඟලක් විකුණලා නැහැ. නමුත් මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා කඩිමුඩියේ ඒ වැඬේ කළා. ඒ නිසා අපිට එවැනි දේවල්වලට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ.
අද මා ලබාගෙන තිබෙන ජාත්‍යන්තර ජයග්‍රහණත් එක්ක මුළු ලෝකයම අපිට සළකනවා. අද අපට සතුරෝ නැහැ. මුළු ලෝකයේම ආධාර ගලා එනවා. සියලූ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විශාල වශයෙන් අපිට උදව් කරනවා. මෙම මාර්තු 11 වනදා මට එන්න කියලා තිබෙනවා ඉන්දියාවේ ජාත්‍යන්තර සමුළුවකට ආසියාව නියෝජනය කරන ප්‍රධාන රාජ්‍ය නායකයා විදියට. මම එහේ යනවා. ඊට පහුවදා මට එන්න කියලා තිබෙනවා ජපානයට ලංකාවට දෙන ආධාර ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍ය සාකච්ඡාවලට. මම ඒ සඳහා ජපානයට යනවා. මාර්තු 26 පාකිස්ථානයට එන්න කියලා තිබෙනවා ඒ රටේ ජාතික දිනයේ ප්‍රධාන රාජ්‍ය ආරාධිත අමුත්තා විදියට. මම ඒ වෙනුවෙන් පාකිස්ථානයට යනවා මේ රටේ ජනතාව නියෝජනය කරන්න.
මගේ උතුම් මාතෘ භූමිය ලෝකයේ ජයග්‍රාහී රටක් බවට අද පත්වෙලා තිබෙනවා. මම හරි සතුටු වෙනවා කිසිම කාලයක නොවූ අයුරින්, කිසිම අවස්ථාවක නොතිබූ විදියට ඔබෙත් මගේත් ආදරණීය මාතෘ භූමිය ලෝකයේ ඉමහත් ගෞරවයකට මම පාත්‍ර කරලා තිබෙනවා. ඒ පිළිගැනීම තිබෙනවා. අද මේ රටට හොඳට සළකනවා. රටට එරෙහි චෝදනා මම ඉවත්කරගෙන තිබෙනවා. ලෝකයේ සෑම නායකයෙක්ම මම කෙරෙහි විශ්වාසයක් තබලා තිබෙනවා. ඒ මගේ පුද්ගලික තත්ත්වයක් නෙවේ මගේ තිබෙන ප්‍රතිපත්ති නිසා. රජෙකුට තිබුණු ජනාධිපති ධූරයේ බලතල මම අයින් කරපු නිසා. මේ රටේ ප්රජාතන්ත්රවාදය, නිදහස, මානව හිමිකම් ඒ සියල්ල මම සහතික කරපු නිසා.
ඒ නිසා ඔබටත්, මටත් සුන්දර රටක්, ලස්සන රටක්, රටේ දරුවන්ට හෙට දවසක් සහ ආර්ථික සමෘද්ධිය සමග ශීලාචාර දේශපාලන ව්‍යාපාරයක් සමග දූෂණයෙන්, වංචාවෙන්, ඒකාධිපතිත්වයෙන් තොරව ප්රජාතන්ත්රවාදී නිදහස් සමාජයක සතුටින් ජීවත්වෙන්න හොඳ රටක් හදනවා කියන එක මම ඔබට සහතික වෙනවා. එම වගකීම සහ යුතුකම මම නිසි ලෙස ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනවා වගේම පෙබරවාරි 10 වනදා මැතිවරණයෙන් අපි මුළු රට වශයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියන එක ඔබට මම මෙහිදී විශේෂයෙන් ස`දහන් කරන්න ඕන.
ඒ නිසා පොළොන්නරුවේ පමණක් නෙවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වන මන්තී‍්‍රවරු, සභාපතිවරු, නගරාධිපතිවරු ඒ සියලූ දෙනාම මගේ නියෝජිතයෝ. ඔබේ ඡන්දයෙන් පත්වන ඔබේ නියෝජිතයා වගේම ඒ අය මගේ නියෝජිතයෝ, ජනාධිපතිගේ නියෝජිතයෝ. ගම හදන්න, නගරය හදන්න කිසි දෙයකින් අඩුවක් නැතිව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සියල්ල මම සම්පූර්ණයෙන් දීලා සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ඔබේ ප්‍රශ්න ගැටලූ විසඳලා කළහැකි උපරිම සේවය ඔබ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන බව ප්‍රකාශ කරනවා.
කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී ඔබත්, මමත් රට වෙනුවෙන් එක්වී ඔබෙත් මගේත් මාතෘ භුමිය වෙනුවෙන් සිංහල, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව සමග ජාතික සමගිය සහ ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් සුන්දර රටක් අපි ගොඩනගමු. ඒ සඳහා අපි සියලූ දෙනා එකට එකතුවෙමු කියලා ආරාධනා කරමින් ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා ලබා ගනිමින් ඒ වගේම කතෝලික, හින්දු, ඉස්ලාමි ඒ පූජකතුමාලාගේ අවවාද අනුශාසනා ලබාගනිමින් සියලූ ආගමිකයින් අතර ගොඩනැගුණු ආගමික සහජීවනය සමග අපි ඉතා යහපත් සමාජයක් ගොඩනගාගෙන ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් බවට මේ මාතෘ භූමිය ගොඩනගමු කියන ඉල්ලීම ඔබෙන් කරනවා.
ඒ වගේම එදා මොරගහකන්දෙන් ආරම්භ කළ පුළුල් යෝධ සංවර්ධන වැඩපිළිවෙළ තුළ මා විශ්වාස කරනවා මේ වසරේ සිට පොළොන්නරුව, අනුරාධපුර වගේම නැගෙනහිර වයඹ ප්‍රදේශවල ජනතාවට නැවත ජල හිඟයක් ඇතිනොවන විදියට ඒ සුන්දර මහා ජල කඳ ඔබේ කෙත්වතු සිසාරා ගොස් ඔබේ ආර්ථිකය සමෘද්ධිමත් කරන ඒ ගොවි සිහිනය සැබෑ කරමින්, අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරයි කියලා.
අපිට ඒවාට බාධා කළ අය ප්‍රතික්ෂේප කරමින් ඒ බාධා ජය ගනිමින් ඔබට ඒ මහා සේවය ඉටු කිරීමට, මේ රටේ කෘෂිකාර්මික ආර්ථිකය, ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් ඔබට සුන්දර අනාගයක් ගොඩනඟන්නට මට හැකිවීම පිළිබඳ මගේ සතුට ප්‍රකාශ කරමින් අප සියලූ දෙනා අපගේ වගකීම් ඉටුකරමින් මේ මාතෘ භූමිය ඉදිරියට ගෙන යමු කියන ගෞරවණිය ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.