(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳපොළ සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව අද (02) සිංගප්පූරුවේදී ආරම්භ වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සහභාගිවීම වීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි.
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් සිංගප්පූරුවේ ෆෝ සීසන් හෝටලයේ දී මෙම සමුළුව පැවැත්වෙනුයේ කලාපීය ඉහළ පෙළේ ආයෝජකයින් රැසකගේ සහභාගීත්වය ඇතිවය.
එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය හා හොංකොං හිදී මෙම සමුළුව මීට පෙර පවත්වා තිබේ.
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසරේ අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතාවල ද කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන ප්රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල්වනු ඇත.
සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය ඊශ්වරන්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුලු ආරාධිතයන් රැසක් සමුළුවට එක්වීමට නියමිතය.