හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය මීට ස්වල්ප වේලාවකට පෙර සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, අපරාධකරුවන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලීසිය සහ සන්නද්ධ හමුදා බලගැන්වීම උදෙසා එම පියවර ගත් බව ය.

මේ සඳහා වන ගැසට් නිවේදනය අද (06) රාත්‍රියේදී ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.

දින 10කට බලපාන පරිදි මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරුන් සමග පැවැති හමුවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *