මහනුවර ගැටුම්වල පරීක්ෂණ 70%ක් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඇති වූ ගැටුම්වල පරීක්ෂණ කටයුතු සියයට 70ක් පමණ අවසන් බවත් ඉතිරි පරීක්ෂණ කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක අංශ ප්‍රධානීහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

මහනුවර ඇති වූ ගැටුම්වල පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙසත් ආරක්ෂක අංශ ඉල්ලා තිබේ.

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සතිපතා රැස්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ආරක්ෂක අංශ අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර තිබේ. සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ එම කටයුතු අවසන් වන තෙක් හදිසි නීතිය පවත්වාගෙන යා යුතු බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අගමැතිවරයාට පෙන්වා දී තිබේ. ආරක්ෂක අංශ සිදු කළ මෙම ඉල්ලීම ජපන් නිල සංචාරය නිමවා හෙට මෙරටට පැමිණෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *