ත්‍රස්ත විරෝධී නව පනතේ ප්‍රගතිය කවුන්සිලයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්ත විරෝධී නව පනත කෙටුම්පත් කිරීමේ කටයුත්තෙහි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

නව ත්‍රස්ත විරෝධී පනත මානව හිමිකම් ආරක්ෂාවන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකසන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය‍

ශ්‍රී ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ තුන්වන සමාලෝචනය පෙරේදා(19) පැවැත්වූ අතර එය මේ වනවිට සම්මත කරගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ලිඛිත නිර්දේශ ඇතුළත් වාර්තාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් අද(21) මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය. අද පැවැත්වෙන සැසියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිලක් මාරපන , ආචාර්ය සරත් අමුණුගම , ෆයිසර් මුස්තෆා යන අමාත්‍යවරුන් සහ නිලධාරීන් පිරිසක් ජිනීවා වෙත ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *