කහ පැහැති කුකළුමස් වල පෝෂණ ගුණය සහ රසය අධික යි – ආචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්ත මහත්මිය

(කොළඹ, ලංකාපුවත්) –නීරෝගිමත් ජීවිතයක් සඳහා බොහෝ පිරිස් සිය ප‍්‍රධාන ආහාර වේල්වලට මස් සහ මාළු වැඩි වශයෙන් යොදා ගනියි. කුකුළු මස් සාධාරණ මිලකට ගත හැකි වැඩි පෝෂණයක් සහිත මාංශ වර්ගයක් මෙන්ම නැවුම් බවින් යුත් කුකුළු මස් ගැනීම සඳහා පාරිභෝගික ජනතාව විශේෂ අවධානයක් යොමු කරයි.

නැවුම් හා උසස් තත්ත්වයේ ආහාර හඳුනාගැනීමට විවිධ නිර්ණායකයන් තිබුණත්, වර්ණය මගින් නවුම් බව හඳුනාගැනීමට ජනතාව යොමු වී සිටියි.

එහෙත් ඇතැම් විට, පාරිභෝගික ජනතාවට නියම අවබෝධය නොමැතිවීම නිසා, වර්ණය මගින් නැවුම් ආහාර හදුනාගැනීමට ගොස් වරදින අවස්ථා ඇති අතර කහ පැහැති කුකුළු මස් නැවුම් නොවන බවට පවතින මතයද ඊට හොදම උදාහණයක් වේ. ලෝකයේ බොහෝ රටවල නැවුම් හා උසස් තත්ත්වයේ කුකුළු මස් යනු කහ පැහැති වර්ණය සහිත කුකුළු මස් බව ඉතා ජනපි‍්‍රය කරුණකි. නමුත් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව තුල පවතින වැරදි අවබෝධය නිසා කහ වර්ණය සහිත කුකුළු මස් නැවුම් නොවන බවට මතයක් පවතියි.

මේ පිළිබඳව අදහස් දක්වන සත්ව ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ විශේෂඥ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය අචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්න මහත්මිය පෙන්වා දෙන්නේ බඩඉරිගුවල අන්තර්ගත කැරටිනොයිඞ් නැමති ස්වභාවික රසායනික සංඝටකය කුකුළු මස්, කහ හෝ රන් පැහැ ගැනීම කෙරෙහි බලපාන මූලික හේතුව බවයි. විටමින් අධික බඩ ඉරිඟු තුළ කැරටිනොයිඩ් පවතිනවා. බඩඉරිඟු කුකුළන්ට ලබා දුන් විට මෙම කැරටිනොඩියිඩ් වර්ණකය කුකුළන්ටත් ලැබෙනවා. අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වැනි ලෝකයේ විශාලතම කුකුළු ගොවිපල පවතින රටවල්, වසර ගණනාවක සිට කුකුළු ආහාර සඳහා බඩඉරිගු එක් කරන බව ඇය පැවසුවාය.

බඩඉරිගුවල අන්තර්ගත කැරටිනොයිඩ් රසායනය කුරුල්ලන්ගේ ශරීරය තුලදී නිෂ්පාදනය නොවන අතර කැරටිනොයිඩ් සහිත ආහාර ගත් විට කුකුලන්ගේ රුධිරය තුලින් එම වර්ණකය ශරීරය පුරා පැතිර යන අතර විටමින් අධික කැරටිනොයිඞ් සමේ, අක්මාව, මේදයේ සහ බිත්තර සුදු මදයේ අධික ලෙස තැන්පත් වන බව අචාර්ය පේ‍්‍රමරත්න මහත්මිය සදහන් කළාය. එවැනි කුකුළු මස් කහ හෝ රන්වන් පැහැයෙන් හා අධික පෝෂණ ගුණයෙන්ද යුතු වෙනවා.

කුකුළු ආහාර සදහා භාවිතා කෙරෙන බඩ ඉරිගු සහ සෝයා ආශ‍්‍රීත කෑම වර්ග වල අධික ලෙස කාබෝහයිඬේට්, කැලරීස්, ප්‍රෝටීන් සහ මිනරල් අන්තර්ගත වන අතර ඒ නිසා කුකුලන්ගේ වර්ධනයට, සෞඛ්‍ය සම්පන්න බවට, වකුගඩු හා හදවතේ ක‍්‍රියාකාරීත්වට බලපාන බවත්, ඒ නිසා බඩඉරිගු ආහාරයට ගත් රන්වන් හා කහ පැහැති කුකු`ඵලන් පාරිභෝගික ජනතාවට ඉතා පොෂ්‍යදායී, රසවත් හා උසස් තත්ත්වයේ ආහාර වෙලක් වෙන බවත්, අචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්න මහත්මිය අවධාරණය කළාය.

දේශීය සමාගමක් ලෙසට මෙම ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ සිටින ක‍්‍රිස්බ්‍රෝ සමාගම තමන් නිෂ්පාදනය කරන කුකුළු මස්වල පෝෂණය සහ නැවුම්බව පිළිබඳව ආරම්භයේ සිට ඉහළ අවධානයක් යොමු කරයි. එමෙන්ම කුකුළු ආහාර සඳහා බඩ ඉරිෙගු භාවිතා කරන සමාගම් අතර පුරෝගාමී සමාගම ලෙසත් ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. සතුන් විශාලනය කිරීම සඳහා ඖෂධ භාවිතා කිරීමට එරෙහි සහ ආරම්භයේ සිටම කිසිදු ආකාරයේ වර්ධක ඖෂධ භාවිතා නොකළ සමාගමක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ වර්තමානයේදී රජය මගින් හඳුන්වාදීමට නියමිත සතුන් සඳහා වර්ධක ඖෂධ භාවිතය තහනම් කිරීමේ ප‍්‍රතිපත්තිය සඳහාත් පූර්ණ ලෙස සහාය දක්වා ඇත.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් සහ කුකුළු ආහාර නිෂ්පාදන ශාලා ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බෝ සමාගමේ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බෝ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *