(කොළඹ, ලංකාපුවත්) – 2018 ලෝක Base Jumping තරගය පසුගිය දා චීනයේ චොන්චින් නගරයේ දී පැවැත්විණ.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ තරඟකරුවෝ 16දෙනෙක් ඊට සහභාගී වී සිටියහ. ඉන් ඇතැම් ක්‍රීඩකයෝ අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව නියෝජනය කළහ.
මෙම Base Jumping ක්‍රීඩාව ලෝකයේ වැඩි ම අත්යන්ත ක්‍රීඩා ඉසව්වක් ලෙස සැළකේ. උස ගොඩනැගිලි, කඳු ප්‍රපාත, කුලුණු එසේ නොමැති නම් පාලම් මත සිට පැනීම් සිදු කරමින් ක්‍රීඩකයන්ට සිය පැරෂූටය විවෘත කිරීමට ඉතා කෙටි වේලාවක් ලබා දෙයි.
මෙවර තරඟයේදී මීටර් 400ක පමණ උස ස්ථානයකින් පැනීමේදී තප්පර 3ක් පමණක් තුළ, ක්‍රීඩකයන්ට සිය පැරෂූටය විවෘත කළ යුතු විය.