ජනාධිපතිතුමා රට වෙනුවෙන් මට බාර දුන්නේ ලොකු වගකීමක් – ක්‍රීඩා රාජ්‍ය ඇමතිනි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමා රට වෙනුවෙන් විශාල වගකීමක් මට බාරදීලා තිබෙන්නේ. ඒ වගකීම නොපිරිහෙලා ඉටුකරන්න මම බලාපොරොත්තු වෙනවා යැයි ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති වැඩ භාරගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කලාය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කිරීමට හැකි බවත්, අමාත්‍යතුමා සමග පෙර අමාත්‍යාංශයේ වැඩ කටයුතු ඉතා හොදින් කල බවත්ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ජයන්ත විජේරත්න මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.එච්.ඒ.එන්.ඩී.අබයරත්න මහත්මිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත් මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *