වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය සෙනසුරාදා තවත් තානාපති කාර්යාල 52 ක් සමඟ එක්ව විචිත්‍රවත් මහජන ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබුණි.

එහි දී ශ්‍රී ලාංකේය ලෝක උරුමයන් හා ජනප්‍රියම ප්‍රණීත ආහාර, කලා ශිල්ප හා සම්ප්‍රදායානුකූල බෙර වාදන වලින් සමන්විත සංස්කෘතික ප්‍රදර්ශනක් ද පැවැත්වුණි.

මේ අතර ‘සාරි‘ කවුළුවට මෙහිදී වැඩි ආකර්ශනයක් හා අවධානයක් යොමු වූ ස්ථානයක් ලෙස සැලකේ.

එසේම විවිධාකාර වර්ණ ගැන්වූ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ඇඳුමින් සැරසීලි මෙහි දක්නට ලැබුණි.

මෙහිදී විවිධ ආහාර පාන වල රස බැලීමට ද අවස්ථාව උදාකර දී තිබූනු අතර බොහෝ ආකාශණයක් හිමි වුනේ ‘ආප්ප‘ සදහාය. එසේම නැවුම් ශ්‍රී ලංකා තේ කෝප්පයක රස බැලීමටත්, ඉදිආප්ප, කිරිබත්, වඩේ වැනි ආහාරවල රස මිහිර විදීමට ද මෙම ප්‍රදර්ශනයේ දී ජනතාවට අවස්ථාව ලබා දී තිබුණි.

මෙම ප්‍රදර්ශනය හරහා සියලු දෙනාට අද්විතීය කුසලමය අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදාවූ බව තානාපති කාර්යාලය සදහන් කරයි.

වොෂිංටන් නගරයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර සංස්කෘතික දැනුවත් කිරීමේ වැඩ සටහනට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබේ. ඒ අනුව එහි පුරවැසියන්ට හා අමුත්තන්ට අන්තර්ජාතික සංස්කෘතිය ගවේෂණය කිරීමට අවස්ථාවක් හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *