(කොළඹ, ලංකාපුවත්) – අද(22) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේය.
අදාළ සංශෝධනය අද උදෑසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව වසර දෙකක කාලයක් යන තුරු කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට 6.5 ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කරන ලදි. ඒ අනුව සියයට 12. 5ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව පල කර තිබුණි.
ඒ අනුව රුපියල් 10ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.