(කොළඹ, ලංකාපුවත්) – රට පුරා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් නව දෙනකු මියගොස් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 110ක පවුල් 18079ක පුද්ගලයන් 68000කට වැඩි පිරිසක් ආපදාවට පත් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
ඊයේ(22)පස්වරුවේ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කෙරුණි.
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස 25ක් බව ද අර්ධ හානි වූ නිවාස 1464ක් බව ද මෙහි දී අනාවරණය විය. ආරක්ෂිත ස්ථාන 168ක පවුල් 6710ක පුද්ගලයන් 24000කට වැඩි පිරිසක් සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
කැලණි, කළු ඇතුළු ගංගාවල ජලය ගං වතුර මට්ටමට පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා දෙන ලෙසට අමාත්‍ය මංගල සමරවිර මහතා මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත. දිස්ත්‍රික් මට්ටමින් සහන සැළසිම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ලැබෙන ඉල්ලීම් පරිදි මුදල් නිකුත් කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා සඳහන් කළේය.
විපතට පත්වූවන්ට ආහාර සැපයීමට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය රුපියල් මිලියන 27ක් වෙන්කර ඇත. වැඩි බලපෑම්වලට ලක්ව ඇති දිස්ත්‍රික් හයක සහන සේව සඳහා ති‍්‍රවිධ හමුදාවේ පන් දහසක් යොදවා තිබේ.