(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දා පාසල් රග්බි තරඟවල දී ප්‍රේක්ෂකයින් ගේ කලහකාරී හැසිරීම හා නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් සහ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයින්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ ආරාක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කල යුතුබව පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
මෙම සිදුවීම් තුලින් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාව අවධානමකට ලක් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සංගමය හා රග්බි විනිසුරුවන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාසල් තරඟ සඳහා විනිසුරුවන් සහභාගී නොකිරීමට තීරණය විය.
ඉදිරියේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, පාසල් රග්බි සංගමය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පාසැල් බලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා, මෙම තත්වය මග හරවාගෙන පාසල් රග්බි ක්‍රීඩාවේ විනය නැවතත් ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ සඳහා වූ සාකච්ඡාවක් හෙට (25) පැවැත්වීමට නියමිතය.