ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන් ය.

මෙම සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නායකයා බ්‍රහස්පතින්දා (08) උදෑසන ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය.

“ස්ථාවර සහ තිරසාර ඉන්දියන් සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය සහභාගී වන රටවල් 40ක් අතර සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *