කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග දෙකක් ඉදිකිරීම සදහා වන ගිවිසුමට අද (30) අත්සන් තබන ලදි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකෙරුණි.

වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරය නිරන්තරයෙන් ජල ගැලීම්වලට ලක්වේ. මෙම තත්ත්වය පාලනය සදහා කොළඹ නගර සීමාව තුළ දැනට ක්‍රියාත්මක උමං මාර්ග දෙකට අමතරව නව උමං මාර්ග දෙකක් ඉදිකිරීම සැලසුම වේ.

එක් උමං මාර්ගයක් කොළඹ නවමුතුවැල්ල ප්‍රදේශයේ සහ අනෙක් උමං මාර්ගය ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටුවීමට නියමිතය. නවමුතුවැල්ල උමං මාර්ගයේ ධාරිතාව තත්ත්පරයකට ඝන මීටර් 15 ක් වන අතර දිග මීටර් 750 කි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ , චයිනා පෙට්‍රොලියම් පයිප්ලයින් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ඩොංග් සු , ව්‍යාපෘති අධ්‍යක්ෂ තුෂාරි අන්ද්‍රාහැන්නදිගේ යන මහත්ම මහත්මීන් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *