(කොළඹ, ලංකාපුවත්) –බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මොහු බෙල්ජියමේ ලීජ් නගරයේ පාසලක් ආසන්නයට කඩා වැදී එක්වරම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙම සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි සදහන් ය.
මෙහිදී වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති අතර පොලිස් වෙඩි තැබීමෙන් තුවක්කුකරුද ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් පැහැදිලි නැති නමුත් සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැක කෙරෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
එසේම තුවක්කුකරු වෙඩි තැබීමට පෙර ” අල්ලාහ් අක්බාර් ” (අල්ලාහ් ඉතාමත් ශේෂ්ඨයෙකි) යනුවෙන් කෑගසමින් සිටි බවද සදහන් වේ.