(කොළඹ, ලංකාපුවත්) –භූමිතෙල් ලීටරය රුපියල් 70 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.
අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව රුපියල් 101ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කෙරෙනු ඇත.
මෙම මිල අඩුකිරීමට ධීවර වෘත්තීය සමිතිවල ද එකඟතාව පල වි තිබේ.