වන සතුන්ගෙන් භෝගවලට සිදුවන හානි වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – වන සතුන්ගෙන් භෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

භෝග වගාවෙන් 30%ක් වන සතුන් විනාශ කරන බව හදුනාගෙන ඇත.

එය වැළැක්වීමට කි‍්‍රයත්මක වායු රයිෆල් ලබාදීම සාර්ථක ක‍්‍රමවේදයක් නොවන බව අමාත්‍යංශය පෙන්වා දෙයි. ඒ අනූව ඉන්දියාව වැනි රටවල ක‍්‍රියාත්මක කිසියම් ශබ්දයක් උපයෝගි කර ගනිමින් සතුන් පළවා හැරිමේ ක‍්‍රමවේදය හෝ විකල්ප ක‍්‍රමයක් ඊට හදුන්වා දෙන බව අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *