පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570කට පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටක් ලෙස ලෝක සංවිධාන ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණි.

කිසිදු රෝහලක අද වන විට ඖෂධ හිඟයක් නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. අක්‍ෂි කාච නොමිලේ ලබා දීම, අත්‍යවශ්‍ය ඖෂධ මිල පහත දැමීම, පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ දී පැවති සීමා ඉවත් කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් යහපාලන රජය යටතේ ක්‍රියාත්මක කෙරුණු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *