පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම් පත් භාරගන්නා අවසන් දිනය, පවත්නා තැපැල් වර්ජනය සැලකිල්ලට ගනිමින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව, ජුනි මස 30 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම් භාරගැනීමේ අවසන් දිනය ජුලි මස 10 වනදා දක්වා දිර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *