තැපැල් සේවකයින්ගේ වර්ජනය ගැන විශේෂ රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් අද(26) පෙරවරුවේ තවත් විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ජාතික වැටුප් කොමිසම සමඟ පැවති සාකච්ඡාව නිසි විසදුමකින් තොරව අවසන් වූ බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ සිට තවත් තිව්‍ර කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර තමන් සේවය කරන කාර්යාලයට රාජකාරී සඳහා වාර්තා කිරීමට අපහසු සේවකයින් ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලයට වාර්තා කරන්නැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඉල්ලීමක් කර තිබේ.

එලෙස වාර්තා කරන කාර්යය මණ්ඩල වෙත ප්‍රවාහන පහසුකම් සහ අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස සියලුම පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් හා ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේවරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *