වන අලි ගැටළුව වසර එකහමාරකින් විසඳනවා – ඇමති සරත් ෆොන්සේකා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමිතියෙන් යුතු කිසිදු අලි වැටක් මෙතෙක් තමන්ට හමුනොවු බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්යා ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

තමන් සංචාරය කල සෑම ස්ථානයකම දක්නට ලැබූනේ අකරල් මවත් අලි වැටවල් බව ද හෙතෙම කියා සිටියේය.
මාතලේ දිස්ත්‍රික්කයේ පවතින අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය සඳහා ක්ෂේත්‍ර චාරිකාවකට ඊයේ(08) එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පලකළේය.

වසර තුනක කාලයක් තිස්සේ වනජීවි නිලධාරින් සිය නිල ඇදුම ඇඳ සිටින තත්ත්වයන් දක්නට නොලැබුනු බවත් තමන් ආමාත්‍යංශය භාරගත් පසු නිලධාරින්ගේ ගැටළු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

‘‘ යුද්දේ කරනතොට සතුරාගේ ප්‍රදේශ ඉළක්ක කරලා ප්‍රහාර දිලා යුද්ධය ඉවර කළා වන අලි ගැටළුවේ දී එහෙම කරන්න බෑ. අලිත් මිනිස්සුත් දෙගොල්ලම ආරක්ෂා කරගෙන යන්න ඕනේ ගමනක් මේක.

අලි වැටට පහර දීලා අලි වැට කඩන්න දැන් අලි දියුණු වෙලා ඉන්නේ ඉතින් මේ ගැටළුවට විසදුම තමයි අලි වැට ආරක්ෂා කරගන්නා කර වැම වේදයක් සකසන එක.
මගේ ඉළක්කය වසර එකහමාරක් ඇතුළත මේ අලිමිනිස් ගැටළුව අවසන් කරන්න.

දැනට අපට ඉන්නනේ වනජීවි නියාමකයින් දෙසීයක් විතර. සිවිල් ආරක්ෂක බටයෝ 1400 ක් ඉන්නවා. තව අඩුයි පන්දහසක පිරිසක්.
ඒ නිසා තමයි මම ජනාධීපතිතුමාට කීවේ මට සේවකයින් 3000 ක් ඕනේ කියලා.අගමැතිතුමාටත් කිව්වා තව 2000 ක් ඔනේ කියලා. එතුමා මට කීවා කම්කරුවෝ 2500- 3000 පමණ දෙන්නම් කියලා.

මේ අවුරුද්දේ 1750 යි. ලබන අවුරුද්දේ 175 යි. මේ බදව ගන්න අයට ගමෙන් පිට රාජකාරි කටයුතු දෙනවා.
ඔනවුන් සදහා මාසයකට රුපියල් 22500 ක් දෙනාව වැටුප් විදිහට. දවස් විස්සකට දෙනවා කෑම බීම දිමනාවක් දිනකට රුපියල් 250 ගානේ රුපියල් 5000 ක්. අපි ඒ අයගෙන් වැඩගන්නේ දින 20 යි ඉතිරි දින 10 ගෙදර ඉන්න පුලූවන්.
අපේ දෙපාර්තමේන්තුවේ තියෙනවා ලක්ෂ පනස් දහසක්. ලක්ෂ නව දහසක ස්ථිර තැම්පතුවක් තියෙනවා.
අපි තිරණය කළා මේ නිලධාරින්ට කැලේ යනකොට අදින්න ඉතා සැප පහසු නිළ ඇදුමක් දෙන්න.
ගිණි අවි සම්බන්ධයෙනුත් මම ජනාධිපතිතුමන් එක්ක කතා කළා එතුමා අවසර දුන්නා චීනයේ නිෂ්පාදිත අවියක් තියෙනවා ටී පනස් හය වගේමයි.

නමුත් එහි එකවර උන්ඩ මුදාහැරෙන්නැ නැහැ.

අලි පලවා හැරිම සම්බන්ධයෙන් කියන්න ඔනේ ඉස්සර අලි වෙඩි ලබාදුන්නේ වසරකට මම උපදෙස් දුන්නා මසෙකට ලක්ෂ්යි බැගින් අලි වෙඩි ඇනවුම් කරන්න.

ඒ වගේම මිනි මරු අලි අල්ලලා හෙරාව්පාතාන රක්ෂිතයට මුදාහන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි එම අලින් සදහා රජය මගින් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව සපුරන්නත් කටයුතු කරනවා.’’ යැයි ද සදහන් කළේය.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අකරහඩුව – ලිහිනිපිටිය ප්‍රදේශයේ දී වන අලි පහර දීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු පවුල් දෙකේ සමාජිකයින්ගේ සුවදුක් විමසමින් ඔවුන් සදහා වන්දි මුදල් ලක්ෂ පහ බැලින් ලබාදීමට අවශ්ය් පියවර ගැනීමට ද අමාත්යව සරත් ෆොන්සේකා මහතා පියවර ගත්තේය.

ඊට අමතරව මියගිය පවුල් වල කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අමාත්‍යවරයාගේ පුද්ගලික මුදලින් ආධාර උපකාර කිරීමට ද සරත් ෆෝන්සේකා මහතා පියවර ගත්තතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *