(කොළඹ, ලංකාපුවත්) – රටේ දේපළ විකුණන බවට වත්මන් රජයට අසත්‍ය චෝදනා එල්ල කරන බවත් මොන දේපළ ද විකුණා ඇත්තේ යනුවෙන් තමන් ප්‍රශ්ණ කරන බවත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කර සිටියි.
“මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹ හමුදා මූලස්ථානය සින්නක්කරේටම චීනයට විකුණුවා. කොළඹ ගාලු මුවදොර පිටියේ තියෙන පොර්ට් සිටියට, කොළඹ අධිආරක්ෂිත කලාපයේ අක්කර 50ක් සින්නකර්කරව චීනයට ලියලා දුන්නා. මහින්ද මහත්තයට කතා කරන්න පුළුවන් ද ස්වෛරීත්වය පිළිබඳව. ඡන්ද කාලෙට ඇවති දේශප්‍රේමය විකුණලා ඡන්දය ගන්නේ.“ යනුවෙන් ද ඇමතිවරයා කියා සිටියේය.
ඔහු මේ අදහස් දක්වන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ අංවාරම – හිරිවල මාර්ගයේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.
“අද වන විට වසර 03ක් ගත වෙනවා. මේ ආණ්ඩුව ශක්තිමත්, දැන් අපි ණයත් ගෙවාගෙන – ප්රතිපාදනත් හදාගෙන ගම සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.“