අමෙරිකාවෙන් නොමිලේ ඉංග‍්‍රීසි භාෂාව දියුණු කිරීමට ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සහ අමෙරිකානු ‘PEACE CORPS’ සංවිධානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (09) සිදු කෙරුණි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී එය සිදු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ පීස් කෝප්ස් ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ක්‍රිස් බෙල් මහත්මිය ගිවිසුමට අත්සන් කරන ලදි.

මෙම ගිවිසුමට අනුව ඇමෙරිකානු ස්වෙච්ඡා ගුරුවරුන් මෙරටට පැමිණ නොමිලේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දීමට නියමිතය.

අමෙරිකා හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා මෙම පීස් කෝප්ස් සංවිධානය ආරම්භ කළේ සාමය හා මිත්‍රත්වය ලොව පුරා වර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *