(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ජාතික රජයට වසර තුනක් සපිරීමට සමගාමීව දිස්ත්‍රික්ක කීපයකම ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු බෙදා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අගෝස්තු මාසයේ එළඹෙන 17 දිනට වත්මන් රජය පත් වී වසර තුනක් සපිරීම වෙනුවෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
පසුගිය වසර තුන ඇතුළත විශාල වැඩකොටසක් රජයක් හැටියට සිදු කොට තිබෙනවා. ජනතාවට නිඳහසේ ජීවත් වීමට හැකි වටපිටාවම සකස් කරලීමට විශිෂ්ඨ කටයුත්තක් ලෙස අප අගය කරනවා. ඉඩම් අමාත්‍යාංශය පිළිබඳව සතුටට පත් වෙනවා. ජනාධිපතිතුමත්,අගමැතිතුමාත් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබාදුන් දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.අපේ රජයට වසර තුනක් සම්පූර්ණ වන අවස්ථාවට සමගාමීව,මේ දින කීපයේ ම දිස්ත්‍රික්ක කීපයක ඉඩම් ඔප්පු ලබාදීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
අගෝස්තු 16 වැනිදා සවස රත්නපුරයේ දී ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයක් පවත්වනවා. 17 වැනිදා මොණරාගල ජනතවට ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය සියබලාණ්ඩුව ප්‍රදේශයේ දී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා. අගෝස්තු 18 දින මාතර ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම පස්ගොඩ දී පවත්වනවා. 19 දින පෙරවරුවෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ඉඩම් ඔප්පු බෙදා දීමක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා. 21 දින ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම දී එවැනි උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තවත් දිස්ත්‍රික්ක ගණනාවක ඉඩම් ඔප්පු ලබාදීම සංවිධානය කර තිබෙනවා. ඉදිරි වර්ෂ දෙක වන විට මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික වැඩසටහන ඉලක්කය කරා ගමන් කිරීමට කටයුතු කරන බව ප්‍රකශ කරන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.