(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය ගාස්තු 15% කින් ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකරනු ලබන්නේ 2008 වසරෙන් පසු ප්‍රථම වතාවටයි.
ඒ අනුව වසර 10තට පසු එනම් ඔක්තෝබර් මස 01වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ දුම්රිය ගාස්තු ඉහළ නැවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති අතර අවම ගාස්තුව වන රුපියල් 10 යේ වෙනසක් සිදුනොවන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.