(කොළඹ, ලංකාපුවත්) –අසීරු වසර තුනක් පසුකළ රජය වේගවත් සංවර්ධනයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(20)පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණි. සංවර්ධන නිලධාරීන් ලෙස බදවා ගත් මෙම පිරිස පුහුණු කිරීමේ කටයුතු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ සිදු කෙරේ.
නව පත්වීම්ලාභීන් වෙත ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් අතින් සිදු කෙරුණි.
2025 වසර වන විට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම, ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩපිළිවෙළ වෙනුවෙන් නව පත්වීම්ලාභීන්ගේ දායකත්වය ලබා ගැනේ.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු ඇමඅති වජිර අබේවර්ධන, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ පත්වීම් ලාභීහු විශාල පිරිසක් එක්ව සිටියහ.