(කොළඹ, ලංකාපුවත්) –පුද්ගලික බස් රථවලින් කොළඹ සිට දුරගමන්වල යෙදෙන මගීන්ගේ පහසුව සදහා ජාතික ගමනාගමන කොමිසම වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ.
www.ntcbooking.lk යන මෙම වෙබ් අඩවියෙන් අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම් පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් මගීන්ට අවශ්‍ය ආසන වෙන්කර ගත හැකිය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී මෙම වෙබ් අඩවිය එළිදැක්වීම සිදු විය.
මෙම ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙලින් පුද්ගලික බස්රථවලින් ගමන් ගන්නා සෑම මගියෙකුටම අවම පිරිවැයෙන් සහ විශ්වාසයකින් යුතුව තමන්ගේ ගමන සැලසුම්කර ගැනීමට හැකි වනු ඇත. මෙසේ ආසන වෙන්කිරීමේදී ප්‍රවේශ පත්‍ර ගාස්තුවට අමතරව රුපියල් තිහක මුදලක් අය කෙරේ.
තැරැව්කරුවන්ගෙන් සහ පුද්ගලික ආයතනවලට මුදල් ගෙවීමට වඩා මෙය මගීන්ට පහසුවනු ඇති බව ගමනාගමන කොමිසම පවසයි.
මෙම වැඩපිළිවෙළේ දෙවන අදියර යටතේ ඩිජිටල් කාඩ්පතක් මගින් මුදල් ගෙවා ආසන වෙන් කිරීමේ පහසුකම් ලබා දෙන බවද ගමනාගමන කොමිසම පැවසීය.