(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන 08 වනදා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක ආරම්භ කිරිමට නියමිතය.
සීෂෙල්ස් හි විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අද(03) නිවේදනය කර තිබුණි.
මෙම සංචාරයේ දී දෙරට අතර සෞඛ්‍ය , අධ්‍යාපන ,සංචාරක , ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත ය.
සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී කල ආරාධනයකට අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වේ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වසර 30 ක් තුළ සලකුණු කර ඇති අතර මෙම සංචාරය තුළින් එම සහයෝගීතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ.
සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1988 ඔක්තෝබර් 03 වන දින ආරම්භ විය.