(කොළඹ, ලංකාපුවත්) – ඉතියෝපියාවේ ප්රථම වරට කාන්තාවක් ජනාධිපති ධුරයට පත්ව ඇත.
අත්දැකීම් සහිත ඉතා පළපුරුදු රාජ්ය තාන්ත්රික නිලධාරිනියක් වන සාලේ මර්ක් සූඩේ මහත්මිය ඊයේ(25) එම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ එරට පාර්ලිමේන්තුවේදීය. ඇය අප්රිකාවේ දැනට සිටින එකම රාජ්ය නායිකාව ලෙස ද සැලකේ.
ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් ඇය ප්රකාශ කළේ, ඉතියෝපියාවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් කැපවී ක්රියා කරන බවත් ය.
ජනාධිපතිධුරයේ දිවුරුම් දෙමින් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගෙන් ජනාධිපතිනිය ඉල්ලා සිටියේ, ඉතියෝපියාවේ සාමය ඇති කිරීමට ක්රියා කරන ලෙසයි.
ඉතියෝපියානු ජනාධිපතිධුරය නාමමාත්රික තනතුරක් වන අතර, රටේ පාලන බලය අගමැතිවරයා සතුය.