කලීඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ හිටපු විපක්ෂ නායිකා කලිඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කර තිබේ.

මෙතෙක් වසර පහක්ව පැවති සිරදඩුවම වසර දහයක් දක්වා දීර්ඝ කර ඇති බව එරට දූෂණ විරෝධි කොමිසමේ ප‍්‍රධානි කුර්ෂීඩ් ඛාන් සඳහන් කර තිබේ. 73 හැවිරිදි කලීඩාෂියා මේ වනවිටත් බන්ධනාගාරගතව පසුවේ.

ළමා සුබසාධන කටයුතු සඳහා ලැබුණු අනතර්ජාතික මූල්‍ය පරිත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් ඇයගේ ආධාරකරුවන් පවසනුයේ මහ මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සදහා මෙලෙස දේශපාලනික වශයෙන් පලිගැනීම්වලට ලක්ව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *