ලයන් එයාර් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුන ලයන් එයාර් ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී ඒ තුළ මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියේය.

එම යානයේ වැඩිහිටි මගීන් 178දෙනෙකු කුඩා දරුවන් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු සිටි බව සදහන්ය. මේ වන විට මල සිරුරු 20 කට ආසන්න ප්‍රමාණයක් සොයගෙන ඇති බව සදහන් වේ.

ගුවන් යානයේ සුන්බුන් මෙන්ම මගීන්ට අයත් බඩු බාහිර ආදියෙහි සුන්බුන් සොයා ගැනීමටද හැකිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *