රන්ජන් රාමනායක වරද පිළිගනී

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට තමන් වරද පිළිගන්නා බව දැනට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

බුවනෙක අළුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එල්.ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *