යාල වනෝද්‍යානයේ වසා දැමුණු කොටස යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සැප්තැම්බර් පළමුවැනි දින සිට වසා දැමුණු කලාප අංක 01 කොටස අද (30) දිනයේදී විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කොටස වසා දමා තිබුණත් කලාප අංක 2, 3, සහ 4 කොටස් විවෘතව පැවතියේය.

යාල වනෝද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු Dකිරීම සඳහා පසුගිය කාලයේ මෙම කොටස වසා දමනු ලැබීය.
මේ අනුව කලාප අංක 01 ඇතුළුවීමට පළටුපාන හා කටගමුව කාර්යාලවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (30) සිට සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *