ෆේස්බුක් මගින් මුදල් වංචා කළ තරුණයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලයේ මුහුණු පොත මගින් සම්බන්ධ වී ජංගම දුරකථන ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ අයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව ජංගම දුරකථන ලබා දෙන බවට පවසමින් ෆේස්බුක් මගින් තකම ගිණුමට මුදල් බැර කරගෙන ජංගම දුරකථන ලබා නොදී වංචාකිරීමක් සම්බන්ධයෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් අනතරුව ඊයේ(20) එම සැකකරුව මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරු මීගමුව, ජා – ඇල, කොළඹ හා තවත් ප්‍රදේශවල පුද්ගලයින් රවටා ජංගම දුරකථන ලබා දෙන බවට පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *