අමෙරිකාවේ නත්තල් සැණකෙළි ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ නත්තල් සැණකෙළිය පෙරේදා (28) සිට ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

96 වන වාර්ෂික නත්තල් ආලෝක සංදර්ශනය මෙලෙස ආරම්භ වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප්ගේ සහභාගිත්වයෙනි.

නිව්යෝර්ක්හි සාම්ප්‍රදායික ජාතික නත්තල් සැණකෙළිය පැවැත්වෙන්නේ, 1923 වසරේ සිට ය. එය ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීම එතැන් සිට පැවති සම්ප්‍රදාය වේ.

අමෙරිකාවේ සියලුම ප්‍රාන්ත සහ කොළොම්බියා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශාල ප්‍රමාණයේ නත්තල් ගස් 56ක් එහි අලංකාරවත් ලෙස ආලෝකවත් කර තිබේ.

සැණකෙළිය ආරම්භ වුණේ සාම්ප්‍රදායික නත්තල් සංගීත සංදර්ශනයකින් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *