(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව යුක්රේනයේ නෞකා 03ක් අත්පත්කර ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමින් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ද අමෙරිකා ජනාධිපතිවරයා ඉල්ලා තිබුනි.
ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව පැවැත්වීමට මීට පෙර සැලසුම්කර තිබුනි.