මන්නාරම මිනී වළෙන් සිරුරු 300ක අස්ථි කොටස් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම සමූහ මිනි වළ තුළින් මිනිස් සිරුරු 300 ක අස්ථි කොටස් අද(16) වන විට ‍මතුකර ගැනීමට හැකිවි ඇති බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 294 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇත. එහි ළමුන් 23 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව සදහන් වේ.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ‍රැගෙනයාමට නියමිත බවද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකළ බවයි.

මේ වන විට සමූහ මිනිවළ සම්බන්ධයෙන් දින 130 ක කාලයක් පරීක්ෂණ පවත්වා ඇති අතර, සමූහ මිනිවළ තුළින් මිනිස් අස්ථි කොටස් 300 කට අදාළ අස්ථි හදුනාගෙන තිබේ.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි පසුගිය වසරේ මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී ඔහු පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *