කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා රු.මිලියන 12,000ක්

(කොළඹ, ලංකාපුවත්) – ගොවීන්ට නවීන තාක්ෂණ වගා ක්‍රම හා වෙළෙදපොල හඳුන්වා දෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන්කෙරේ.

මෙම ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළදපොල හඳුන්වාදීම සහ පුද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියා හට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළඳපොළ ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පෞද්ගලික ආයතන සමඟ මෙම ගිවිසුම් අත්සන් කරන ලදි.

,එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගම ද, නැගෙනහිර රටකජු මිලදී ගැනීම අමල් ග්‍රෑම් සමාගම ද , උතුරුමැද ගස්ලබු හේලීස් සමාගම ද,ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගම ද , උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම විසින් ද මිලදී ගැනීම සිදුකරනු ලබන අතර එහිදී දෙපාර්ශවයම අන්‍යොන්‍ය ගිවිසුම්වලට මෙහිදී එළඹෙන ලදි.

ගිවිසුම හරහා එම පළාත්වලින් තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා ගුණාත්මක අස්වැන්න මෙම සමාගම් විසින් මිලදී ගැනීම සිදුකරන අතර, එම අස්වැන්න දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ අලෙවි කිරීමට එමඟින් හැකියාව උදාවේ.

මෙම ව්‍යාපෘති කාලය තුළදී උපරිම හා අවම මිලක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන ලෙසත්, එමඟින් ගොවීන් හට ඉහළ මිලක් ලබාදෙන ආකාරයෙන් ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම ඇමැති පී.හැරිසන් මහතා මෙහිදීනිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව වඩාත් උචිතම සහ වෙළදපොල ඉල්ලුමක් ඇතිබෝග ව්‍යාපෘතිය යටතේ ප්‍රචලිත කරන ලෙස ඇමැතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.ආරම්භයේදී පළාත් පහක හා දිස්ත්‍රික්ක හතක ව්‍යාපෘතික්‍රියාත්මක කෙරෙන අතර එම ගොවීන් වෙනුවෙන් කුඩා ජල සම්පාදන ක්‍රම මෙන්ම උපකරණද,යටිතල පහසුකම් ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙයි.යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද තුළින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වෙළඳපොළට මුදාහැරීම මෙමව්‍යාපෘතිය හි ප්‍රධාන අරමුණය.

නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීම , නිෂ්පාදන වියදම අඩුකර ගැනීම , පවතින කෘෂිකර්මය වාණිජකරණය, වෙළඳපල අරමුණ කරගත් බෝග නිෂ්පාදනය යන කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කලයුතුව ඇති බව ඇමැතිවරයා නිලධාරීන්ට කීය.

මෙම අවස්ථාවේදී ලෝක බැංකු ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානී ඇන්ඩෘ ගුඩ්ලන් මහතා සහ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමති පී. හැරිසන් මහතා සුහද කතා බහකද නිරතවිය. අමාත්‍යං ශ ලේකම් කේ.ඩී.එච්.රුවන් චන්ද්‍ර, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහත්වරුන් ඇතුලු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *