(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන දෙවැනි සමුළුව සඳහා වියට්නාමයට පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් ට උණුසුම් පිළිගැනීමක් හිමි වී තිබේ.
ඩොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වූ ඔහු වෙනුවෙන් රතු පළස අතුරා තිබූ අතර ඒ දෙපස රිසු වූ පිරිස් කොඩි වනමින් ඔහු පිළිගන්නා අයුරු දක්නට ලැබුණි. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ හැනොයි වෙත ගමන් කරද්දී ද මග දෙපස රැස් වූ ජනතාව ඔහුට සුබ පතමින් ප්‍රීති ගෝෂා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සමග ඔහුගේ සහෝදරිය වන කිම් යො-ජොන්ග් ද හිටපු ජෙනරාල් කිම් යොන්ග්- චොල් සහ පසුගිය ට්‍රම්ප් සමුළුවට එක් වූ මුහුණු ද වන බව දැකිය හැකි විය.
මේ අතර ට්‍රම්ප් ද වියට්නාමය බලා පිටත් වූ බව ධවල මන්දිරය වාර්තා කරයි