මහවැලියේ පනස් වසරක පිවිසුම වෙනුවෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ආර්ථීකය නව මගකට යොමු කරමින් ගොවි ජන ජීවිතය ශක්තිමත් කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් නව ජවයක් ලබමින් තිඛෙන මහවැලි ව්‍යාපාරය ආරම්භ වී පනස් වසරකට පිවිසීම ඊයේ(28) දිනට සනිටුහන් කෙරිණි.

1970 පෙබරවාරි මස 28 වන දින එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සහ ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යවරයා වූ සී.පී. ද සිල්වා මහතා විසින් මහවැලි මහ සැලැස්ම ආරම්භ කිරීමේ මංගල පියවර තබමින් මෙරට වාරි සංස්කෘතියේ හැරවුම් ලක්ෂය වූ පොල්ගොල්ල බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළේය.

මහවැලියේ පනස් වසරක පිවිසුම වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් ඊයේ (28) රාත්‍රියේ පොල්ගොල්ල ජලාශය අභියස දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට එක් විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *